හීන පුරෝගෙන දෑස පුරා

Heena Purogena Dasa Pura

roshan fernando
හීන පුරෝගෙන දෑස පුරා Lyrics

හීන පුරෝගෙන දෑස පුරා නුඹ ආ දා
මට නම්‌ දැනුණා..
දෑස ළඟින්‌ මුළු ජීවිතයම මුණ ගැසුණා
හුස්මක්‌ පාසා..
ආදරයේ උණුසුම්‌ හැඟුමක්‌
මා ඔබගෙන්‌ ලැබුවා..
ලේ බිඳුවක්‌ බිඳුවක්‌ ගානේ
ආදරයක්‌ ලැබුවා..

හීන පුරෝගෙන දෑස පුරා නුඹ ආ දා
මට නම්‌ දැනුණා..

කාටවත්‌ නොකී
රහසක්‌ විඳිම්‌ නෙතු පියා..
හිත ඇඳී තිබූ
රුවටම නුඹව ගැලපුනා..
මා සනසා වදනක්‌ ගානේ
ජීවිතයක්‌ ලැබුවා..
සීතල නෑ ඔය සිත වාගේ
වැටුණත්‌ පිනි මල්‌ වර්ෂා..

හීන පුරෝගෙන දෑස පුරා නුඹ ආ දා
මට නම්‌ දැනුණා..

මේ දුරත්‌ දැනේ
මට නම්‌ කල්පයක්‌ වෙලා..
හුස්මකින්‌ පවා
මගෙ මුළු හිතම කියවලා..
මේ පපුවේ අවසන්‌ හුස්මේ
නවතා ගන්නේ නුඹ තමා..
මා නොපැතූ නොසිතූ තරමේ
ආදරයක්‌ ලැබුණා..

හීන පුරෝගෙන දෑස පුරා නුඹ ආ දා
මට නම්‌ දැනුණා..
දෑස ළඟින්‌ මුළු ජීවිතයම මුණ ගැසුණා
හුස්මක්‌ පාසා..
ආදරයේ උණුසුම්‌ හැඟුමක්‌
මා ඔබගෙන්‌ ලැබුවා..
ලේ බිඳුවක්‌ බිඳුවක්‌ ගානේ
ආදරයක්‌ ලැබුවා..

හීන පුරෝගෙන දෑස පුරා නුඹ ආ දා
මට නම්‌ දැනුණා..

Video thumbnail