හුස්ම දිගේ.. ඉහළ එන්න.. මට ඔයාව දැනෙනවා.. Lyrics
හුස්ම දිගේ.. ඉහළ එන්න.. මට ඔයාව දැනෙනවා..
ගැස්ම හිතේ.. වැඩි කරන්නේ.. නුඹම කියා හිතෙනවා..
සිත නිවන.. සඳ සෙවණ.. මගෙ ජීවිතේ ඔබ..
මේ ඇත්තමයි.. මගෙ රත්තරනේ.. මම ආදරෙයි ඔබට..
සඳක් ඇවිත් රැයම බෝවුණා..
හෙමින් සැරේ ළඟට ළංවුණා..
පෙරුම් පුරන හීන අපේ ඉටුවෙද මතුදා..
සුසුම් සැලෙන නිහඬ රාත්‍රියේ.. සොයමි ජීවිතේ..
සිත නිවන.. සඳ සෙවණ.. මගෙ ජීවිතේ ඔබ..
මේ ඇත්තමයි.. මගෙ රත්තරනේ.. මම ආදරෙයි ඔබට..
පෙළින් පෙළේ පිපෙන තාරුකා..
හැඟුම් වටා වියන සෑදුවා..
සඳක් පිපෙන අහස වගේ හිනැහෙනු නොහඬා..
හැඟුම් දැනෙන නිසල රාත්‍රියේ.. විඳිමු ආදරේ..
හුස්ම දිගේ.. ඉහළ එන්න.. මට ඔයාව දැනෙනවා..
ගැස්ම හිතේ.. වැඩි කරන්නේ.. නුඹම කියා හිතෙනවා..
සිත නිවන.. සඳ සෙවණ.. මගෙ ජීවිතේ ඔබ..
මේ ඇත්තමයි.. මගෙ රත්තරනේ.. මම ආදරෙයි ඔබට...