මගෙ ජීවිතේම ඔබ නම් Lyrics
මගෙ ජීවිතේම ඔබ නම්
ඔබෙ ජීවිතේම මා නම්
මේ ආදරේ පුදන්නම්
හැමදා ළඟින් රැඳෙන්නම්
මගෙ ජීවිතේම ඔබ නම්
ඔබෙ ජීවිතේම මා නම්
මේ ආදරේ පුදන්නම්
හැමදා ළඟින් රැඳෙන්නම්
හිත් යායට පිණි වැටිලා
ආදරේ කුසුම් පිපිලා
ඒ කුසුම් සුවඳ දැනිලා..
හදවතම උමතු වෙනවා
නිදි දෙව්දුව නෑ එන්නේ
ඔබෙ රුවයි නෙතූ දකින්නේ
උපදිනා හැඟුම් ළමැදේ..
කොහොමදෝ දරා ගන්නේ
මගෙ ජීවිතේම ඔබ නම්
ඔබෙ ජීවිතේම මා නම්
මේ ආදරේ පුදන්නම්
හැමදා ළඟින් රැඳෙන්නම්
මට කඳුළු උරුම කරලා
ඔබ යන්න එපා මිදිලා
මියැදුණත් ඔබව හැරදා...
මම නොයමි ඉතින් කිසිදා
යෞවනේ මල් වසන්නේ
මගෙ ලොවට දැන් වඩින්නේ
හිත ආදරෙන් පිරෙන්නේ...
මේ ඇත්තමයි කියන්නේ
මගෙ ජීවිතේම ඔබ නම්
ඔබෙ ජීවිතේම මා නම්
මේ ආදරේ පුදන්නම්
හැමදා ළඟින් රැඳෙන්නම්