ඔබ මලක්.. සුවඳ මලක් Lyrics
ඔබ මලක්.. සුවඳ මලක්
මට නෙළා ගන්න නැතත්
එහි සුවඳ විඳිමි තවත්
එහි සුවඳ විඳිමි තවත්
ඔබ මලක්.. සුවඳ මලක්
මා.. ඔබට පෙම් කලේ පිරිසිඳු සිතින්..
ඔබේ රුවට වඩා සුවඳට හිත ගිහින්..
ඒ සුවඳ හොරෙන් ඇවිත්
ඔබෙ රුව මතකෙට ගෙනෙයි
හරිම හෙමින්
ඔබ තලා පෙළන් නෑ මා රුදු සිතින්..
විෂ බඹර තුඩක පහසට නතු කරන්..
දුර ඈත ඉඳන් බලන්
මම සැනසෙන්නම් ඉතින්
ඔබ නමින්
ඔබ මලක්.. සුවඳ මලක්
මට නෙළා ගන්න නැතත්
එහි සුවඳ විඳිමි තවත්
එහි සුවඳ විඳිමි තවත්
ඔබ මලක්.. සුවඳ මලක්