සිහින සිත්තරාවි.. ඇස්‌ බිම බලා සිනාසි

Sihina Siththaravi Es Bima Bala Sinasi

roshan fernando
සිහින සිත්තරාවි.. ඇස්‌ බිම බලා සිනාසි Lyrics

සිහින සිත්තරාවි.. ඇස්‌ බිම බලා සිනාසි
සබකෝල කම්‌ කරාවි.. හිත ආදරෙන්‌ පිරේවි
මට නුහුරු ඉඟි කරාවි.. උන්මාද කම්‌ ගෙනේවි
රතු කම්මුලත්‌ ශ්‍රියාවි.. සිප ගන්නමයි හිතේවි

සිහින සිත්තරාවි.. ඇස්‌ බිම බලා සිනාසි
සබකෝල කම්‌ කරාවි.. හිත ආදරෙන්‌ පිරේවි

මද සිහිලසක්‌ වගේ මා නිවාලමින්‌ සැනසුමක්‌ ගෙනේවි
මුළු ජීවිතේ පුරා අරමුණක්‌ තියා හීනයක්‌ තනාවි
මුදු සීත නිල්‌ දියට තඹර මල වගේ ලෙන්ගතුයි කියාවි
ඔබ දීපු ආදරේ මහමෙරක්‌ තරම්‌ මගෙ හිතේ දරාවි
ආදරේ දැනේවි..

සිහින සිත්තරාවි.. ඇස්‌ බිම බලා සිනාසි
සබකෝල කම්‌ කරාවි.. හිත ආදරෙන්‌ පිරේවි
මට නුහුරු ඉඟි කරාවි.. උන්මාද කම්‌ ගෙනේවි
රතු කම්මුලත්‌ ශ්‍රියාවි.. සිප ගන්නමයි හිතේවි

සිහින සිත්තරාවි.. ඇස්‌ බිම බලා සිනාසි
සබකෝල කම්‌ කරාවි.. හිත ආදරෙන්‌ පිරේවි

සඳ පාන පීරමින්‌ පිපෙන කුමුදු මල්‌ නුඹ වෙතයි සුගන්දේ
තරු අහුරු අම්ඹරේ මවන රූ රටා නුඹ නිසයි සිනාසි
දුර දුවපු හිත අරන්‌ ළඟට ළං කරන්‌ ආදරෙන්‌ තවාවි
මට නුඹ තරම්‌ තවත්‌ නෑ සිතුම්‌ පෙළක්‌ හදවතේ ගැහේවි
ආදරේ දැනේවි..

සිහින සිත්තරාවි.. ඇස්‌ බිම බලා සිනාසි
සබකෝල කම්‌ කරාවි.. හිත ආදරෙන්‌ පිරේවි
මට නුහුරු ඉඟි කරාවි.. උන්මාද කම්‌ ගෙනේවි
රතු කම්මුලත්‌ ශ්‍රියාවි.. සිප ගන්නමයි හිතේවි

සිහින සිත්තරාවි.. ඇස්‌ බිම බලා සිනාසි
සබකෝල කම්‌ කරාවි.. හිත ආදරෙන්‌ පිරේවි

Video thumbnail