තව එක සැරයක්‌

Thawa Eka Sarayak Oba Hamuwannata

roshan fernando
තව එක සැරයක්‌ Lyrics

තව එක සැරයක්‌
ඔබ හමුවන්නට ඇතිනම්..
නොසඟවා පවසන්නම්‌
ඔබට ආදරෙයි මං..

නැහැ ඉවසිල්ලක්‌
සිත ඔබ විමසනවා දැන්‌..
කුමක්‌ කරන්නද මං
ඔබට ආදරෙයි නම්..

විලේ නෙළුම්‌ මල්‌ කොපමණ තිබුණත්‌
එක මලකට පෙමි කරමි සිතින්‌
නෙළන්න ආසයි දෝතින්‌ ඒ මල
මගේම වන්නට හැමදාමත්‌

තව එක සැරයක්‌
ඔබ හමුවන්නට ඇතිනම්..
නොසඟවා පවසන්නම්‌
ඔබට ආදරෙයි මං..

පාළුව තනිකම මට වද දෙන විට
කෙලෙසද මා එය ඉවසන්නේ
ළඟින්‌ නොසිටියත්‌ දෙතැනක සිටියත්‌
ඔබේ සුවඳ මා ළඟ රැඳුණේ

තව එක සැරයක්‌
ඔබ හමුවන්නට ඇතිනම්..
නොසඟවා පවසන්නම්‌
ඔබට ආදරෙයි මං..

නැහැ ඉවසිල්ලක්‌
සිත ඔබ විමසනවා දැන්‌..
කුමක්‌ කරන්නද මං
ඔබට ආදරෙයි නම්

ඔබට ආදරෙයි නම්...
ඔබට ආදරෙයි නම්...
ඔබට ආදරෙයි නම්..
ඔබට ආදරෙයි නම්..

Video thumbnail