එක කුඩේ යටින් සරසවි පාරේ
පියවර තැබුවා අප දෙදෙනා
සිරිපොද රැහනට සැඟවී මුලුවී
උණුසුම පැතුවා අප දෙදෙනා
එක කුඩේ යටින් සරසවි පාරේ
පියවර තැබුවා අප දෙදෙනා
සිරිපොද රැහනට සැඟවී මුලුවී
උණුසුම පැතුවා අප දෙදෙනා
හිස් අවකාසෙන් නිබඳව සැලෙනා
වැහි බිඳු පතිතව සතර අනේ..
හිස් අවකාසෙන් නිබඳව සැලෙනා
වැහි බිඳු පතිතව සතර අනේ..
අප යන දෙපසේ දිය රැලි ඇදුනා
සෙනෙහස ගලනා පරිදි සිතේ..
එක කුඩේ යටින් සරසවි පාරේ
පියවර තැබුවා අප දෙදෙනා
සිරිපොද රැහනට සැඟවී මුලුවී
උණුසුම පැතුවා අප දෙදෙනා
ආමග ඔබ නැත මා පමණකි අද
ඉන්නේ වැහිළිහිණියක වගේ..
ආමග ඔබ නැත මා පමණකි අද
ඉන්නේ වැහිළිහිණියක වගේ..
වැසි ඇති කාලෙක සිහින ලොවේ මම
ඔබ හා තනිවෙමි පුරුදු මගේ..
එක කුඩේ යටින් සරසවි පාරේ
පියවර තැබුවා අප දෙදෙනා
සිරිපොද රැහනට සැඟවී මුලුවී
උණුසුම පැතුවා අප දෙදෙනා
එක කුඩේ යටින් සරසවි පාරේ
පියවර තැබුවා අප දෙදෙනා
සිරිපොද රැහනට සැඟවී මුලුවී
උණුසුම පැතුවා අප දෙදෙනා