ලොවක් බලන්නට හිමිවූ දෙනෙතින් Lyrics
ලොවක් බලන්නට හිමිවූ දෙනෙතින්
දෙනයන හැඳින්නෙමී.. දෙනයන හැඳින්නෙමී..
ඒ දෙනයන තුළ රැඳි සෙනෙහස මම
හිමියනි හැඳින්නෙමී.. හිමියනි හැඳින්නෙමී..
පියෙකුගේ ලැදි බව.. මවකගෙ මුදු බව
කැටිවන ඔය හද ගගන පුරා..
සරසන්නෙමි මම.. හද පිරි බැති පෙම
සුවඳ සුපිපි මල් ලෙසින් ගොතා..
සුවඳ සුපිපි මල් ලෙසින් ගොතා..
ලොවක් බලන්නට හිමිවූ දෙනෙතින්
දෙනයන හැඳින්නෙමී.. දෙනයන හැඳින්නෙමී..
අතීතයේ එක්.. මිහිරි සැඳැවක
හද බැඳි කුමරුනී හිමි සඳිනේ..
අනාගතය තුළ.. සසර පුරා..
ඉටු දෙවියෙකි ඔබ හිමි සඳිනේ..
ඉටු දෙවියෙකි හිමි සඳිනේ..
ලොවක් බලන්නට හිමිවූ දෙනෙතින්
දෙනයන හැඳින්නෙමී.. දෙනයන හැඳින්නෙමී..
ඒ දෙනයන තුළ රැඳි සෙනෙහස මම
හිමියනි හැඳින්නෙමී.. හිමියනි හැඳින්නෙමී...