විදුලි දුම්රියේ චංචල නාදය

viduli dumriye chanchala nadaya

rupa indumathi
විදුලි දුම්රියේ චංචල නාදය Lyrics

විදුලි දුම්රියේ චංචල නාදය
සවනත වැකෙන සඳේ ..
කඳුළු පිරි දෙනෙත්‌ අතරින්‌ මිහිරක්‌
මතුවිය සැලෙන හදේ ..

සීත කඳුකරේ මීදුම අධිකයි
පමා වුණෙමි සොඳුරේ..
රූපවාහිනි අංජන රේඛා
නළඟන ඔබද ළඳේ..

ආදර සුවඳින්‌ දසතම මත්වෙන
වසන්ත සුළඟේ හැපී..
සාගර ජල මත පාවෙන උයනේ
මීවිත පුරමු අපී..

මිනිසා පළමුව සඳ තරණය කල
විසිතුරු කතන්දරේ..
පුරසඳ මඬලේ සිනමා මැදුරක
නරඹමු නිසංසලේ.. නරඹමු නිසංසලේ. .

විදුලි දුම්රියේ චංචල නාදය
සවනත වැකෙන සඳේ ..
කඳුළු පිරි දෙනෙත්‌ අතරින්‌ මිහිරක්‌
මතුවිය සැලෙන හදේ ..

සීත කඳුකරේ මීදුම අධිකයි
පමා වුණෙමි සොඳුරේ..
රූපවාහිනි අංජන රේඛා
නළඟන ඔබද ළඳේ..

පාවෙන සඳකැන්‌ සිසිලෙන්‌ නැහැවෙන
ආදර සඳුන්‌ වනේ..
නරඹමු සුරඟුන්‌ රඟදෙන රැඟුමන්‌
පියඹන අවන්හලේ. .

මිනිසුන්‌ හෙට  දින සොයමින්‌ වෙහෙසෙන
පරසතු කුසුම්‌ විලේ..
ජය පැන්‌ තොල ගා අමරණීය වන
කුමරුන්‌ මමය ඔබේ.. කුමරුන්‌ මමය ඔබේ..

විදුලි දුම්රියේ චංචල නාදය
සවනත වැකෙන සඳේ ..
කඳුළු පිරි දෙනෙත්‌ අතරින්‌ මිහිරක්‌
මතුවිය සැලෙන හදේ ..

සීත කඳුකරේ මීදුම අධිකයි
පමා වුණෙමි සොඳුරේ..
රූපවාහිනි අංජන රේඛා
නළඟන ඔබද ළඳේ..
නළඟන ඔබද ළඳේ..
නළඟන ඔබද ළඳේ..
නළඟන ඔබද ළඳේ..
නළඟන ඔබද ළඳේ...

Video thumbnail