හිතේ ලිව්ව ආදරේ දෝ.. සොයා ඇවිත්‌ බැඳුණා දෝ...

Hithe Liuwa Adare Do Soya

ruwan hettiarachchi
හිතේ ලිව්ව ආදරේ දෝ.. සොයා ඇවිත්‌ බැඳුණා දෝ... Lyrics

හිතේ ලිව්ව ආදරේ දෝ.. සොයා ඇවිත්‌ බැඳුණා දෝ...
හුස්ම තරම්‌ ඔබටයි ආදරේ...
හිතේ ලිව්ව ආදරේ දෝ.. සොයා ඇවිත්‌ බැඳුණා දෝ...
හුස්ම තරම්‌ ඔබටයි ආදරේ...

හැඟුම්‌ සුවඳ දුන්නේ.. වසන්තය පුරා..
දුරක්‌ යන්න ආසයි.. ඉගිලිලා..
හැඟුම්‌ සුවඳ දුන්නේ.. වසන්තය පුරා..
දුරක්‌ යන්න ආසයි.. ඉගිලිලා..

බින්දක්‌ ඉසුරු නොතිබී.. කන්දක්‌ දුකම වෙළුණී
ඔබ යන්න ගියේ නෑ වෙන්වී..
ගින්නක්‌ තිබුණි ඇවිලී .. නින්දක්  නැතිව දැවුණී
අවසානයේ ඔබ මට ලැබුණී..

ඔයා දන්නවා.. මං ඉන්නවා..
මේ හුස්ම යනකන්‌ මං ඉන්නවා...
මා බැඳෙනවා.. මා විඳිනවා..
ඔයත්‌ එක්ක හැමදා ඉන්නවා...

මිතුරන්‌ විලස බැඳුණේ.. දෙනුවන්‌ විගස ගැටුණේ..
අවසානයේ ආදරේ හිතුනේ..
මනරම්‌ සිහින දුටිමි.. දිරයෙන්‌ ඇඟිලි පැටලී
ප්‍රේමයේ අරුතයි ඔබ මඟගෙ ළඳුනී..

ඔයා දන්නවා.. මං ඉන්නවා..
මේ හුස්ම යනකන්‌ මං ඉන්නවා...
මා බැඳෙනවා.. මා විඳිනවා..
ඔයත්‌ එක්ක හැමදා ඉන්නවා...

හිතේ ලිව්ව ආදරේ දෝ.. සොයා ඇවිත්‌ බැඳුණා දෝ...
හුස්ම තරම්‌ ඔබටයි ආදරේ...

හැඟුම්‌ සුවඳ දුන්නේ.. වසන්තය පුරා..
දුරක්‌ යන්න ආසයි.. ඉගීලිලා..
හැඟුම්‌ සුවඳ දුන්නේ.. වසන්තය පුරා..
දුරක්‌ යන්න ආසයි..ඉගීලිලා..
දුරක්‌ යන්න ආසයි.. ඉගීලිලා..
දුරක්‌ යන්න ආසයි.. ඉගීලිලා...

Video thumbnail