කඳුළු බිඳුවක්.. නෙතු අගින් වැටුණා.. Lyrics
කඳුළු බිඳුවක්.. නෙතු අගින් වැටුණා..
නුඹ ඇවිත් හිත අද්දරින්.. රැඳුණා..
පෙනෙන නොපෙනෙන.. මතක අතරේ..
හිතට හුරු නැනි.. තනිකමක් දැනුණා..
තනිකමක් දැනුණා..
සිහින ගිලිහි.. දෙපා මුල වැටුණා..
ඔයා නොකියම.. දුර ගිහින් තිබුණා..
බිඳී මිය ගිය.. පැතුම් අබියස..
දරන්නට බැරි තරම් දුක හිතුණා..
තරම් දුක හිතුණා..
කඳුළු බිඳුවක්.. නෙතු අගින් වැටුණා..
නුඹ ඇවිත් හිත අද්දරින්.. රැඳුණා..
පෙනෙන නොපෙනෙන.. මතක අතරේ..
හිතට හුරු නැනි.. තනිකමක් දැනුණා..
තනිකමක් දැනුණා..
සුවඳ අහිමි.. කියා හිත හැඬුවා..
ආයෙමත් ඔබ එතැයි.. කියා මට සිතුණා..
බිඳී මිය ගිය.. පැතුම් අබියස..
ආදරේ නැති අඩුව මට දැනුණා..
අඩුව මට දැනුණා..
කඳුළු බිඳුවක්.. නෙතු අගින් වැටුණා..
නුඹ ඇවිත් හිත අද්දරින්.. රැඳුණා..
පෙනෙන නොපෙනෙන.. මතක අතරේ..
හිතට හුරු නැනි.. තනිකමක් දැනුණා..
තනිකමක් දැනුණා..