නොදැනුවත්‌ කමට පෙරදා.. මම ඔබට පෙම්‌ කෙරුව හින්දා

Nodanuwath Kamata Perada

ruwan hettiarachchi
නොදැනුවත්‌ කමට පෙරදා.. මම ඔබට පෙම්‌ කෙරුව හින්දා Lyrics

නොදැනුවත්‌ කමට පෙරදා.. මම ඔබට පෙම්‌ කෙරුව හින්දා
දහස්‌ වාරයක්‌ දැන්‌.. හදවතින්‌ තැවෙනවා..
නැහැ දැනන්‌ හිටියේ කිසිදා.. අපමණ දුකක්‌ දෙයි කියාලා
හිතක්‌ නැනි කෙනෙක්‌ මෙන්‌.. සත්තකින්‌ මට ඔයා..

කෙරුවේ මුළාවක්‌ කියලා..
දැනන්‌ හිටියා නම්
ඔහු හා ඔබ යන්න මත්තෙන්‌
ඔය දෑත දාලා යන්න මට තිබුණා..

මම ඔබේ ගැන කියා.. කල එදා වර්ණනා..
අහන්‌ හිටිය අය දැන්‌.. මග තොටේ හමුවෙලා
කට කොනින්‌ හිනැහිලා... අද මගෙන්‌ ඔබ මෙදා..
කොහේදෝ කියාලා.. විහිළුවෙන්‌ අහනවා

කෙරුවේ මුළාවක්‌ කියලා..
දැනන්‌ හිටියා නම්
ඔහු හා ඔබ යන්න මත්තෙන්‌
ඔය දෑත දාලා යන්න මට තිබුණා..

අද මගේ ඇද කියා.. සිල්වතෙක්‌ ලෙස ඔයා..
හොඳින්‌ ඉන්නවා නම්‌.. ඔහු ළඟින්‌ නැවනිලා
මට කමක්‌ නෑ සදා.. ජීවිතාන්තය පුරා..
දුකින්‌ ඉන්නෙපා යයි.. පතනවා ඔබට මා

කෙරුවේ මුළාවක්‌ කියලා..
දැනන්‌ හිටියා නම්
ඔහු හා ඔබ යන්න මත්තෙන්‌
ඔය දෑත දාලා යන්න මට තිබුණා....

නොදැනුවත්‌ කමට පෙරදා.. මම ඔබට පෙම්‌ කෙරුව හින්දා
දහස්‌ වාරයක්‌ දැන්‌.. හදවතින්‌ තැවෙනවා..
නැහැ දැනන්‌ හිටියේ කිසිදා.. අපමණ දුකක්‌ දෙයි කියාලා
හිතක්‌ නැනි කෙනෙක්‌ මෙන්‌.. සත්තකින්‌ මට ඔයා..

කෙරුවේ මුළාවක්‌ කියලා..
දැනන්‌ හිටියා නම්
ඔහු හා ඔබ යන්න මත්තෙන්‌
ඔය දෑත දාලා යන්න මට තිබුණා....

Video thumbnail