රුවටුණ තරම්‌.. ඔබ හින්දා මං

Rawatuna Tharam Oba Hinda Man

ruwan hettiarachchi
රුවටුණ තරම්‌.. ඔබ හින්දා මං Lyrics

රුවටුණ තරම්‌.. ඔබ හින්දා මං
කවුරුත්ම දන්නේ නෑ තවත්‌
කඳුළක තරම්.. දැනුණා හොඳින්‌
සමුගත්ත දා.. ඔයා මගෙන්‌

වැරදි කරලා ඔයා හැමදා
මට වැරදිකාරයා කියා
වෙන්වී ගියත්‌ රිදවා එදා
අමනාප නෑ වුණේ කිසිදා..

(අ...)

හැමදාම ඔබ මාගෙ පවසා
කඳුළේම උන්‌ කාලේ පෙරදා
දැනුණේම නෑ ඔහුගෙ කියලා
හිතුවේම ඔබෙ වෙන්න මතුදා
පිළිගන්න අදිමදි කළා
මගෙ පණ ඈත යනු දැකලා

වැරදි කරලා ඔයා හැමදා
මට වැරදිකාරයා කියා
වෙන්වී ගියත්‌ රිදවා එදා
අමනාප නෑ වුණේ කිසිදා..

(අ...)

හිත කීරි ගැහිලාම රිදුණා
ඔබ දන්නේ නෑ නේද මේවා..
මට යන්න බෑ මතක හැරදා
ඔය වාගෙ දුර ඈත පියඹා
හිනැහෙන්න අමතක වුණා
මතක්‌ වෙන වාරයක්‌ පාසා

වැරදි කරලා ඔයා හැමදා
මට වැරදිකාරයා කියා
වෙන්වී ගියත්‌ රිදවා එදා
අමනාප නෑ වුණේ කිසිදා..

රැවටුණ තරම්‌.. ඔබ හින්දා මං
කවුරුත්ම දන්නේ නෑ තවත්‌
කඳුළක තරම්.. දැනුණා හොඳින්‌
සමුගත්ත දා.. ඔයා මගෙන්‌

වැරදි කරලා ඔයා හැමදා
මට වැරදිකාරයා කියා
වෙන්වී ගියත්‌ රිදවා එදා
අමනාප නෑ වුණේ කිසිදා..

Video thumbnail