ශෘංගාරී දෙනුවන් නොදොඩා බලා උන්නා..
මත්වී රස දෙතොලින් මං ආදරෙ ලිව්වා..
රත්වී මුදු හැඟුමන් ඔබ හා වෙළී උන් මා..
දුහුලට ඇඳි සේලේ නොකියා ලිහා දැම්මා
මායාවී දියවෙන්න මී විතේ
මගෙ රස නහර ඇවිලීලා හිතුමතේ
නළඟන ඔබමය මේ රැයේ
මට රහසින් ඉඟි කරනා..
මධු බඳුනකි ඔබ මගෙ ජීවිතේ
මද සිහියෙන් රස විඳිනා..
ළැම ගැස්සෙන තාලේ නුවන් පුරා වින්දා..
හසඟන සම රූපේ නුරා දැහැන් බින්දා..
ඉණ ළඟ සුදු නෙරියේ විසේ වැඩී හින්දා..
ළඟටම ගෙන ආදරෙන් මං හාදුවක් දුන්නා..
මායාවී දියවෙන්න මී විතේ
මගෙ රස නහර ඇවිලීලා හිතුමතේ
නළඟන ඔබමය මේ රැයේ
මට රහසින් ඉඟි කරනා..
මධු බඳුනකි ඔබ මගෙ ජීවිතේ
මද සිහියෙන් රස විඳිනා..
රතු දෙකන් පෙති හිමින් විකා යන සැණින්
උමතු සිතින් බැලුවා
මං හිමින් සීරුවෙන් දෙතොල් මල් දිගේ
කවි පෙළක් ලිව්වා
ළය පුරා පීරමින් දෙතොල් හූරමින්
ඇස් පියා ගත්තා..
මං කෝඩුකාර ආදරේ වින්දා..
මායාවී දියවෙන්න මී විතේ
මගෙ රස නහර ඇවිලීලා හිතුමතේ
නළඟන ඔබමය මේ රැයේ
මට රහසින් ඉඟි කරනා..
මධු බඳුනකි ඔබ මගෙ ජීවිතේ
මද සිහියෙන් රස විඳිනා..
නළඟන ඔබමය මේ රැයේ
මට රහසින් ඉඟි කරනා..
මධු බඳුනකි ඔබ මගෙ ජීවිතේ
මද සිහියෙන් රස විඳිනා..