සුසුමක් වැදී.. කුසුමක් සැලී
සුවඳක් ලිහී.. ඉහිරී ගියේ
දැනී දැනේ.. හැගුම් ළයේ
දැනී දැනේ.. හැගුම් ළයේ
කමනීය ආදරණීය හීනයක්ම වූ..
මරණීය හාදු දිදී මුවේ විසක් තියූ..
රැවටීම ආදරයේ සැබෑ මගයි කියූ..
සැනසීම ජීවිතයේ කතා පොතින් මැකූ..
මල්හාර තනුව අසාලා
වැගිරේවි කඳුළැලි වර්ෂා
ගංගාව ශෝකයෙන් පිංරේ..
වේදනාව හංගා
උන්මාදයෙන් වෙළීලා
හේතුවක් නොදන්නා
මේ ප්‍රේමයේ තරංගා..
සාගරේ සොයා ගලා හැලේ..
කමනීය ආදරණීය හීනයක්ම වූ..
මරණීය හාදු දිදී මුවේ විසක් තියූ..
(ම්ම්...)
නැතුවාම මුදු සඳ පායා
දැල්වේවි ගිනි සිල සෝබා
ආකාසේ ශෝකයෙන් වැසේ...
වේදනාව හංගා
උන්මාදයෙන් වෙළීලා
හේතුවක් නොදන්නා
ඒ රෑ මෙරූ පියාඹා
කාන්තියේ හැපී දැවී දැවේ..
කමනීය ආදරණීය හීනයක්ම වූ..
මරණීය හාදු දිදී මුවේ විසක් තියූ..
රැවටීම ආදරයේ සැබෑ මගයි කියූ..
සැනසීම ජීවිතයේ කතා පොතින් මැකූ..
කමනීය ආදරණීය හීනයක්ම වූ..
මරණීය හාදු දිදී මුවේ විසක් තියූ..
(ම්ම්..)