හිත මනමාලකම් කරයි Lyrics
හිත මනමාලකම් කරයි.. සිතිවිලි සීතලෙන් ගැහෙයි..
හිත මනමාලකම් කරයි.. සිතිවිලි සීතලෙන් ගැහෙයි..
අඳුරේ නුහුර සැරසරයි..
ගී කිරිල්ලියේ..
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි..
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි...
ලේ කැටි සීතලෙන් මිදෙයි..
තනිකම් දොසින් ආපුලයි..
රෑ යම රෝෂයෙන් පිරෙයි..
ගී කිරිල්ලියේ..
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි..
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි...
වැළපෙන මූද හරි සැරයි..
සුළඟට හාදු අමතකයි..
නිදි නැති හීන ඇස හරියි...
ගී කිරිල්ලියේ..
උණුසුම් පියාපතක සුවඳ මට දැනෙයි..
උණුසුම් පියාපතක සුවඳ මට දැනෙයි..
හිත මනමාලකම් කරයි.. සිතිවිලි සීතලෙන් ගැහෙයි..
හිත මනමාලකම් කරයි.. සිතිවිලි සීතලෙන් ගැහෙයි..
අඳුරේ නුහුර සැරිසරයි...
ගී කිරිල්ලියේ..
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි..
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි...