හඳපානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසු කරවිත් මට හිමි දෙනුවන දුටු විට
හඳපානක් වුයේ නුඹ නොවේදෝ මා සිත් අහසට
හඳපානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසු කරවිත් මට හිමි දෙනුවන දුටු විට
හඳපානක් වුයේ නුඹ නොවේදෝ මා සිත් අහසට
දුවිලි හුළඟින් පිරුණත් ඉපදුණු නගරේ
මට නුපුරුදු ගමට එන්න බෑ..
මේ නගරය අත් හරින්න බෑ..
මගෙ උරුමය රැඳුණත් මා ලද ගම් පියසේ
මේ නගරේ කූඩු වෙන්න බෑ..
ගම්මානය අත් හරින්න බෑ..
හඳපානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසු කරවිත් මට හිමි දෙනුවන දුටු විට
හඳපානක් වුයේ නුඹ නොවේදෝ මා සිත් අහසට
අප දෙන්නා මුණගැස්වු මේ මහා නගර්
අතැර නුඹට ගමට යන්න බෑ..
මේ නගරය අත් හරින්න බෑ..
මගේ සිතින් නුඹ සිතනා මතු යම් දවසේ
මේ නගරේ පාළු වෙන්නේ නෑ..
මං තනියෙන් ගමට යන්නේ නෑ..
හඳපානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසු කරවිත් මට හිමි දෙනුවන දුටු විට
හඳපානක් වුයේ නුඹ නොවේදෝ මා සිත් අහසට