සිනා පිපෙනා මේ වසන්තය Lyrics
සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ (සිනාසේ..)
මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනාසේ.. ඔබයි ගෙන ආවේ
වසන්තය මලක් සේ..
නිබඳ සුවඳයි ඔබ නිසා මට
ගම මැදින් හමනා පවන සිහිලැල්..
ගම් දොරින් පිටමන් නොවේවා
නැවුම් සුහුඹුල් යෙවනේ හසරැල්..
සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ (සිනාසේ..)
මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනාසේ.. ඔබයි ගෙන ආවේ
වසන්තය මලක් සේ..
නිසල සිතුවිලි සසල තුරුලිය
අතර තනිවෙමි ඔබ නිසා සතුටින්..
අහස සමුදුර වැළඳ සැනසෙන
තැනක සඟවමි හද සෙනේ සුසුමින්..
සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ (සිනාසේ..)
මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනාසේ.. ඔබයි ගෙන ආවේ
වසන්තය මලක් සේ..