ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුළින් මුතු පබුලින්
නිමා කලෙමි සිහිවටනය යමුනා තීරේ.. යමුනා තීරේ..

එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ
මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ
දහසක් මිණි මල් ලියකම් පෙම පිදවූ රන් කැටයම්

යමුනාවේ තරඟ මතින් මට පිළිබිඹු වේවා
චමත්කාර අතීත සඳු යළිත් ජනිත වේවා
ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුළින් මුතු පබුලින්
නිමා කලෙමි සිහිවටනය යමුනා තීරේ.. යමුනා තීරේ..
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ
මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ
අපගේ පෙම් පුරාවතින් දෙරණ හෙළු කඳුළු ගලා
අපගේ පෙම් පුරාවතින් දෙරණ හෙළු කඳුළු ගලා
මැදුරත කිරිගරුඬ පවුරු පබා කැලුම් දේවා
සනාතන වූ පෙම් සටහන් එහි සිතුවම් වේවා
ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුළින් මුතු පබුලින්
නිමා කලෙමි සිහිවටනය යමුනා තීරේ.. යමුනා තීරේ..
ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුළින් මුතු පබුලින්
නිමා කලෙමි සිහිවටනය යමුනා තීරේ.. යමුනා තීරේ..
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ
මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ
ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුළින් මුතු පබුලින්
නිමා කලෙමි සිහිවටනය යමුනා තීරේ.. යමුනා තීරේ..
යමුනා තීරේ.. යමුනා තීරේ..
යමුනා තීරේ.. යමුනා තීරේ...