බෝ මළුවේ මල්‌ සුවඳක පැටලී

Bo Maluwe Mal Suwadaka Patalee

sanath nandasiri
බෝ මළුවේ මල්‌ සුවඳක පැටලී Lyrics

බෝ මළුවේ මල්‌ සුවඳක පැටලී
අම්මා පෙව්  කිරි සුවඳ ගලා එන්නේ..
සුපුරුදු උණුහුමකට සිත ඈඳී
ගේ දොර සෙල්ලම්‌ පිටිය මතක්‌ වෙන්නේ...
දං බෝවිටියා කැලේ මැදින්‌
එන්න හිතයි නුඹ ළඟට සැණින්‌

එතෙර කරන්නම්‌ හතර වරිගයම
සංසාදේ යන මේ ගමනේ
චුට්ටක්‌ සෙල්ලම්‌ කරලා එන්නද
පුරුදු යහළුවන්‌ හා සැණිනේ
එහෙම ගියත්‌ ඒ අය පොඩි සාදූ
කියා කියන විට වැඳ වැටිලා
කොහොම අම්මේ ඔට්ටු දුවන්නේ
වෙල්‌ ඉපනැල්ලේ පැන නටලා

බෝ මළුවේ මල්‌ සුවඳක පැටලී
අම්මා පෙව්  කිරි සුවඳ ගලා එන්නේ..
සුපුරුදු උණුහුමකට සිත ඈඳී
ගේ දොර සෙල්ලම්‌ පිටිය මතක්‌ වෙන්නේ...
දං බෝවිටියා කැලේ මැදින්‌
එන්න හිතයි නුඹ ළඟට සැණින්‌

භවයෙන්‌ භවයේ පෙරුම්‌ පුරා මම
බවුන්‌ වඩා උපදින වාරේ
දිනයක මතුදා හතර වරිගයම
එතෙර කරන්නම්‌ සංසාරේ
ඉන්පසු ඇවිදින්‌ අම්මේ ඔබ ළඟ
ඉන්නම්‌ කිරි සුවඳේ එනිලා
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත්‌.. සසරෙන්‌.. එතෙර වෙලා...

Video thumbnail