බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙයි පින්බර සුවාමිනේ..
දුක හිතිලද හිරගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ..
මගෙ අම්මාවත් දොරටුව අද්දර හිටියද කියනු මැනේ..
මා ගෙලලූ බව ඇයට කියනවද බුදුබව ලැබෙයි අනේ..
අනේ සුවාමිනි මා ගෙලලන්නට ඉඩ නම් දෙන්න එපා..
ගෙල වැළලූවොත් මගෙ මළකඳ අම්මට පෙන්නන්න එපා..
ඇතිදා ළඟ හුන් මිතුරන් මතු සසරෙදි හමුවන්න එපා..
නැනිදා ළඟ හුන් බුදු අම්මේ ඔබ දුක් ගිනි ගන්න එපා..
බුදු හාමුදුරුචෝ වැඩියා වාගෙයි පින්බර සුවාමිනේ..
දුක හිතිලද හිර ගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ..
නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසි.. දිනක සමා..
මරණයෙ දොරකඩ සිට ඔබ පායුග සිඹ සමුගනිමි මෙමා..
කෙළිලොල් කමි කෙළි මා සතු දිවිමග දැන් දැන් වේවි නිමා..
මරණ බයක් නෑ අම්මා සිහිවෙයි..
බුදු හාමුදුරුචෝ වැඩියා වාගෙයි පින්බර සුවාමිනේ..
දුක හිතිලයි මා හිරගෙට ආවේ පුතුගේ මරණ දිනේ..
ළුදනන් ඇසුරින් පරපණ නැසුවත් නුඹ මගෙ පුතූය අනේ..
මතු උපදිනදා මගෙම පුතු වෙයන් හොඳ මිනිසකු ලෙසිනේ...