එදා මෙදාතුර කඳුළට විවරවු

Eda Meda Thura Kadulata

sanath nandasiri
එදා මෙදාතුර කඳුළට විවරවු Lyrics

එදා මෙදාතුර කඳුළට විවරවු
දෑස්‌ පියන්පත්‌ කවුළු වසා
ළයේ ගලා ගිය.. සෙනේහයේ සුව
සිනා පෙරූ රත්‌ දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම්‌ පෙති
කම්මුල්‌ සුදුමැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන්‌ ගමනට
සොඳුරිය මට නොකියාම ගියා

දෑස්‌ කවුළඑපත්‌ පලා කඳුළු කැට
වෑහෙද්දී මගෙ දෑස්‌ අගින්‌
කාත්‌ කවුරුවත්‌ වෙතත්‌ හිතයි මට
පාත්වෙන්න ඔය මුවට උඩින්‌
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්‌
ඔබෙ මුව දොවතත්‌ සුවඳ පැනින්‌
මාත්‌ මගෙ හිතටත්‌ ඔබ සුවඳයි
ඈත්‌ නොවේමයි ඒ සුවඳින්‌

එදා මෙදාතුර කඳුළට විවරවු
දෑස්‌ පියන්පත්‌ කවුළු වසා
දෑත ළයේ බැඳ අවසන්‌ ගමනට
සොඳුරිය මට නොකියාම ගියා

ඊයේ  ඉපදී අද මියයන්නට
පෙරුම්‌ පුරාගෙන උපන්‌ ළයේ
ඊයේ වේගෙන්‌ අහස උසට බැඳි
ආදර ලෝකය හෙටත්‌ නියේ
ඒත්‌ ඉතින්‌ දැන්‌ සොඳුරියෙ ඔබ නැත
ඇයි මේ ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත්‌ ඇත්තන්‌
වී අපි ඉපෙදෙමු එකට පියේ

එදා මෙදාතුර කඳුළට විවරවු
දෑස්‌ පියන්පත්‌ කවුළු වසා
ළයේ ගලා ගිය.. සෙනේහයේ සුව
සිනා පෙරූ රත්‌ දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම්‌ පෙති
කම්මුල්‌ සුදුමැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන්‌ ගමනට
සොඳුරිය මට නොකියාම ගියා

Video thumbnail