ලස්සන නම් නෑ පෙනෙන්නේ
ඉස්සර සුවඳයි දැනෙන්නේ
ලස්සන නම් නෑ පෙනෙන්නේ
ඉස්සර සුවඳයි දැනෙන්නේ
එදා සොඳුරු පිය දසුන්
මෙදා සිහිනයකි කසුන්
මතක් වුණත් අමිල සැපතකි..
ලස්සන නම් නෑ පෙනෙන්නේ..
උකුල් තලා සළා ආ නාරි ලතාවෝ
අමල් සිනා නැගු රන් චාරු ලතාවෝ
උකුල් තලා සළා ආ නාරි ලතාවෝ
අමල් සිනා නැගු රන් චාරු ලතාවෝ
වැයූ වගේ හවුල් වී
ගැයූ රඟේ කොවුල් ගී
වියේ ඔවුන් ළඳුන් කොහේදෝ
ලස්සන නම් නෑ පෙනෙන්නේ
ඉස්සර සුවඳයි දැනෙන්නේ
එදා සොඳුරු පිය දසුන්
මෙදා සිහිනයකි කසුන්
මතක් වුණත් අමිල සැපතකි..
ලස්සන නම් නෑ පෙනෙන්නේ..
සවන් පුරා පිරිලා වස්දඬු රාවේ
සුසුම් හෙලයි සිතාරේ නෙත් යුග නෑවේ
සවන් පුරා පිරිලා වස්දඬු රාවේ
සුසුම් හෙලයි සිතාරේ නෙත් යුග නෑවේ
සිතූ සිතුම් බිඳීලා
පැතූ පැතුම් සිඳීලා
ජීවිතේ ගමන් විලාසේ..
ලස්සන නම් නෑ පෙනෙන්නේ
ඉස්සර සුවඳයි දැනෙන්නේ
ලස්සන නම් නෑ පෙනෙන්නේ
ඉස්සර සුවඳයි දැනෙන්නේ
එදා සොඳුරු පිය දසුන්
මෙදා සිහිනයකි කසුන්
මතක් වුණත් අමිල සැපතකි..
ලස්සන නම් නෑ පෙනෙන්නේ..