මම නම් ආසයි අහන්න නයනා
ඉස්සර වාගේ ඔබේ මුවින්
දෙනෙත පියාගෙන කියන්න මුමුණා
එක වදනක් හෝ කෝල ලෙසින්
වෙන කවුරුත් නෑ අහගෙන ඉන්නේ
ඉරහඳ පමණයි කවදත් උන්නේ
මම නම් ආසයි අහන්න නයනා
ඉස්සර වාගේ ඔබේ මුවින්
ඉඳුල් මගේ නෙත මුලින්ම දුටුදා
මා හා හිනැහුනු අහිංසකාවිය
අදත් එදා මෙන් දකින්න ඇත්නම්
මට පෙම් කල මුදූ නිසංසලාවිය
මා ආගන්තුක ලෙසද පෙනෙන්නනේ
පුරුදු හඬින් ඇයි හිනා නොවන්නේ
මම නම් ආසයි අහන්න නයනා
ඉස්සර වාගේ ඔබේ මුවින්
පාසල් කාලය ඔහේ ගෙවෙද්දෙන්
ලෝකය යනතක ගමනේ යද්දෙන්
පුංචි දැරිය යුවතියක වුණාදෙන්
මගේ බොළඳ හිත මට නිබුණාදෙන්
ලොවට බයේ ඇයි ජීවත් වෙන්නේ
දුරින් නොවේ ඔබ ළඟයි හිඳින්නේ
මම නම් ආසයි අහන්න නයනා
ඉස්සර වාගේ ඔබේ මුවින්
දෙනෙත පියාගෙන කියන්න මුමුණා
එක වදනක් හෝ කෝල ලෙසින්
වෙන කවුරුත් නෑ අහගෙන ඉන්නේ
ඉරහඳ පමණයි කවදත් උන්නේ
මම නම් ආසයි අහන්න නයනා
ඉස්සර වාගේ ඔබේ මුවින්