සොවින් පිරි මගේ හදවත.. තුළින් මතුවෙවී පිටවන
හැඟුම් කැටී ගැසි ගෙන දෙයි... සිතට වේදනා
සුවෙන් මා එදා සැතපුණ.. යහන් මත මහත් විස කටු
තිබෙන්නාවු ලෙසට දැනෙයි.. ගතට වේදනා
ගතත් වේදනාවෙන් පිරී.. සිතත් සෝ දුකින් බරවී
දෙනෙත් අඳ නොවී තිබුණත්.. ඉනුත් නැහෑ සුවේ..
කනත් බිහිරි වී නැතිමුත්.. අමුත්තක් වෙලා නැහැ කිසි
එහෙත් නන් හොඳක් මිහිරක්.. මෙතෙක් නැහෑ ඇසී..
මෙතෙක් නැහැ ඇසී.. මෙතෙක් නැහෑ ඇසී..
සොවින් පිරි මගේ හදවත.. තුළින් මතුවෙවී පිටවන
හැඟුම් කැටී ගැසි ගෙන දෙයි... සිතට වේදනා
දෙඅත් සහ දෙපා කොරවී.. නැතත් ඉන් ලබන්නට හැකි
කිසිත් සම්පතක් සතුටක්.. මෙතෙක් නැහෑ ලැබී..
මිහිරි යන වදන පමණක්.. අසා ඇති නමුත් ඒ තුළ
ඇහිරිලා තිබෙන අරුතක්.. මෙතෙක් නැහෑ ඇසී..
මෙතෙක් නැහැ ඇසී.. මෙතෙක් නැහෑ ඇසී..
සොවින් පිරි මගේ හදවත.. තුළින් මතුවෙවී පිටවන
හැඟුම් කැටී ගැසි ගෙන දෙයි... සිතට වේදනා
සුවෙන් මා එදා සැතපුණ.. යහන් මත මහත් විස කටු
තිබෙන්නාවු ලෙසට දැනෙයි.. ගතට වේදනා