සැවැන්දරී හොරහින්‌ අඬ ගැසුවා..

Sawandari Horahin Andagasuwa

sangeeth wijesuriya
සැවැන්දරී හොරහින්‌ අඬ ගැසුවා.. Lyrics

සැවැන්දරී හොරහින්‌ අඬ ගැසුවා..
අවංක මං එතනම ගල්‌ ගැසුණා...
සුපෙම්බරම බැල්මෙන්‌ මා ඔසවා..
විල්ලුද ඇතිරූ  පොළොවේ ගැසුවා..

සිහිනෙන්ද සංවාද දහසින්‌ කෙරුවා
සංගීත සන්ධ්‍යාව සේ රස පිරැණා
තනියෙන්‌ මුමුණා.. තනියෙන්‌ අමුණා

නුඹ ගැන ගයලා.. නුඹ ගැන වයලා
සසරේ දුක මග හැරුණා..
නුඹ ගැන ගයලා.. නුඹ ගැන වයලා
සසරේ දුක මග හැරුණා..

සැවැන්දරී හොරහින්‌ අඬ ගැසුවා..
අවංක මං එතනම ගල්‌ ගැසුණා...

සැවැන්දරා සුවඳින්‌ වද විඳිනා..
අනන්ත වූ ප්‍රේමෙන්‌ මම හැදුණා..
නිරන්තරේ සියොලඟ පිරිමදිනා..
කතන්දරේකට නුඹ මුල පිරුවා..

සිහිනෙන්ද සංචාද රහසින්‌ විසඳා
සංගීත සන්ධ්‍යාව සේ රස සසඳා
තනියෙන්‌ හිනහී.. තනියෙන්‌ හඬලා

නුඹ ගැන හිතලා.. නුඹටම වයලා
සසරේ දුක මග හැරුණා..
නුඹ ගැන හිතලා.. නුඹටම ගයලා
සසරේ දුක මග හැරුණා..

සැවැන්දරා සුවඳින්‌ වද විඳිනා..
අනන්ත වූ ප්‍රේමෙන්‌ මම හැදුණා..

සැවැන්දරී හොරහින්‌ අඬ ගැසුවා..
අවංක මං එතනම ගල්‌ ගැසුණා..
සුපෙම්බරම බැල්මෙන්‌ මා ඔසවා..
විල්ලුද ඇතිරූ  පොළොවේ ගැසුවා..

සිහිනෙන්ද සංවාද දහසින්‌ කෙරුවා
සංගීත සන්ධ්‍යාව සේ රස පිරුණා
තනියෙන්‌ මුමුණා.. තනියෙන්‌ අමුණා

නුඹ ගැන ගයලා.. නුඹ ගැන වයලා
සසරේ දුක මග හැරුණා..
නුඹ ගැන ගයලා.. නුඹ ගැන වයලා
සසරේ දුක මග හැරුණා..

සැවැන්දරී හොරහින්‌ අඬ ගැසුවා..
අවංක මං එතනම ගල්‌ ගැසුණා...

Video thumbnail