හුස්මක් පවා දැනෙන මේ රාත්‍රියේ..
කොඳුරා කියාදෙන්න මට ආදරේ...
දුල් නෙත් විදාලා.. රහසින් බලාලා
ඉමු ළංවෙලා.. මේ රෑ පුරා..
පිනි මල් කඩා හැලෙන රෑ සීතලේ..
මුමුණා කියාදෙන්න මට ආදරේ...
දෙහදක් බැඳීලා.. සුසුමින් තෙමිලා
පෙම විඳීනවා.. රතු ලේ පවා.
අළුරේ පවා පේන තරු නෙත් දිහා..
නොසැලී බලා ඉන්න හිතුනා සදා..
හැඟුමන් වෙළී උන්නු සුසුමන් පවා..
තුරුලේ තියා ගනිමි මගේමයි කියා..
ඔබේ ආදරෙන්.. මගේ ජීවිතේ
මුසපත් වෙලා.. කඳුළක් වුණා..
හුස්මක් පවා දැනෙන මේ රාත්‍රියේ..
කොඳුරා කියාදෙන්න මට ආදරේ...
දුල් නෙත් විදාලා.. රහසින් බලාලා
ඉමු ළංවෙලා.. මේ රෑ පුරා..
පිනි මල් කඩා හැලෙන රෑ සීතලේ..
මුමුණා කියාදෙන්න මට ආදරේ...
දෙහදක් බැඳීලා.. සුසුමින් තෙමීලා
පෙම විඳීනවා.. රතු ලේ පවා..
ලා.. ලලා.. ආ.. අ ආ..
රා.. රරා.. හා.. හා.. හා.. හා..
හසකැන් මවා ඉන්න කෙහෙරැල් ලිහා..
නුඹටයි මගේ හීන දෙන්නේ ලියා..
පපුවේ නිදා උන්න මොහොතක් පවා..
දැනුණා ළයේ ගැඹුර සනසා තනියා..
මේ ආත්මයෙත්.. මතු ආත්මයෙන්
ඉමු ළංවෙලා.. මියෙනා තුරා...