සුළඟක් වාගේ විසිරෙන හිත Lyrics
සුළඟක් වාගේ විසිරෙන හිත
කන්දක් වාගේ නිසසල හිත..
අනන්තයට ඉගිලෙන සිතුවිලි නවතාලන්නට බැරි නම් මට
බැලුවම මගෙත් නෙවෙයි මේ හිත
කොතරම් වෙහෙසක් දැරුවත් ගත
සතුටක් ලැබුවේ නැතිනම් හිත..
ගිනියම් කතරක මැදි වී.. ඉන්නට හැක මට තනිවී
සතුටක් ලැබුවේ නැතිනම් හිත
එක් වෙනදාට හිනැහෙන හිත
වෙන් වෙනදාට හඬනා හිත..
කවුරු මොනවා කීවත්.. කවුරු මොනවා කෙරුවත්
දවසක හැමදේ හැර යයි හිත
කැරකෙන රෝදය වාගෙයි හිත
අගක් මුලක් සොයනට බැරි හිත..
අසරණ කෙනෙකුට සරණක්.. වෙන්නට හැකි නම් කෙනෙකුට
කවදත් බලනවා ඒ හිත
සුළඟක් වාගේ විසිරෙන හිත
කන්දක් වාගේ නිසසල හිත..
අනන්තයට ඉගිලෙන සිතුවිලි නවතාලන්නට බැරි නම් මට
බැලුවම මගෙත් නෙවෙයි මේ හිත