දුක තද කරන්‌ මහමෙර තරම්

Duka Thada Karan Maha Mera Tharam

senanayaka weraliyadda
දුක තද කරන්‌ මහමෙර තරම් Lyrics

දුක තද කරන්‌ මහමෙර තරම්
මට ඉන්න බෑ ඔබ නැතිව නම්‌
අපි හමුවුනත්‌ ඉඳහිට යළිත්‌
එක්වෙන්න බෑ කවදාකවත්‌
නිතර වැටෙනා.. කළඳුළට ඉතින්‌
කතා කරගන්න පුළුවන්‌ නම්‌
කියයි හඬගා ලොවට මතුදා
ඔබට මං ආදරෙයි කියලා

දුක තද කරන්‌ මහමෙර තරම්
මට ඉන්න බෑ ඔබ නැතිව නම්‌

විටෙක ළංවෙලා විටෙක වෙන්වෙලා
ගෙවෙන අපේ ආදරේ...
කෙළවරක්‌ සොයා තවම තැවෙනවා
මැරී මැරී ජීවිතේ..
කොහොම පිළිගන්නේ මම නම්..
ඔබෙ දෑත අහිමියි කියා

දුක තද කරන්‌ මහමෙර තරම්
මට ඉන්න බෑ ඔබ නැතිව නම්‌

නොනිද රෑ පුරා දෙතැනකට වෙලා
හිමි අපේ ඉරණමේ..
දැනෙන වේදනා වචනයෙන්‌ කියා ගන්න
බෑ පණ මගේ..
නොදැක හිනැහෙන්නේ කොහොමැයි..
කියා දෙන්න ඇවිදින්‌ සොයා

දුක තද කරන්‌ මහමෙර තරම්
මට ඉන්න බෑ ඔබ නැතිව නම්‌
අපි හමුවුනත්‌ ඉඳහිට යළිත්‌
එක්වෙන්න බෑ කවදාකවත්‌
නිතර වැටෙනා.. කළඳුළට ඉතින්‌
කතා කරගන්න පුළුවන්‌ නම්‌
කියයි හඬගා ලොවට මතුදා
ඔබට මං ආදරෙයි කියලා

දුක තද කරන්‌ මහමෙර තරම්
මට ඉන්න බෑ ඔබ නැතිව නම්‌

Video thumbnail