එනකල් බලන් වෙනදා වගේ Lyrics
එනකල් බලන් වෙනදා වගේ
මා හිඳින බැව් තනිවී ලොවෙ
ඔබ දන්නේ නෑ කියා.. මම දන්නවා..
මගේ හුස්මටත් වඩා.. මට වටිනවා ඔයා..
කෙරුවේම නෑ වැරදි කිසිදා
රැක ගත්තේ මා ඔබෙයි සිතා
බොරු වැරදි කෝටියක් මවා
සමුගත්තේ මා නොවෙයි ඔයා..
සඳක උපමා.. රැඳුණ පෙරදා
අපි අපිට නැතිව බෑ හැම යාමේ..
ළඟක ඉඳලා.. හිතට දැනෙනා
ඔබෙ වෙනස තේරුනත් මට බෝසේ
මගේ ජීවිතේ ඔබයි කියා
ඔබ දන්නවාද දන්නේ නෑ
නෙතට ගැටෙනා.. සැවොම පරදා
මම ඔබට ආදරෙයි පෙර වාගේ..
ලොවම කියනා.. වචන නොඅසා
සතුටින්ම ඉන්න ඔබ හැම ආත්මයේ
මොන දේ කලත් හිතාමතා
මට ඔබව නොලැබ ඉන්න බෑ
එනකල් බලන් වෙනදා වගේ
මා හිඳින බැව් තනිවී ලොවෙ
ඔබ දන්නේ නෑ කියා.. මම දන්නවා..
මගේ හුස්මටත් වඩා.. මට වටිනවා ඔයා..
කෙරුවේම නෑ වැරදි කිසිදා
රැක ගත්තේ මා ඔබෙයි සිතා
බොරු වැරදි කෝටියක් මවා
සමුගත්තේ මා නොවෙයි ඔයා..