කුස පබාවතී පුවතක්... යස ආදර අන්දරයක්
ඉහළ සිරිතට විරිතට ඝණ්ටා ගැටබෙර
නාද නගන දවසක්
සිංහල අවුරුද්දේ..
පුදුමැති අරුමැති හමුවීමක්
කුස පබාවතී ළඟ.. බාල මස්සිනා
ජයම්පතී කුමරුන්..
කුස පබාවතී පුවතක්.. යස ආදර අන්දරයක්
හෙළ සිරිතට විරිතට ඝණ්ටා ගැටබෙර
නාද නගන දවසක්
පබවත් හද තුල.. අපුලක් මතු කල
කොණ්ඩ කැවුම් මුහුණක්.. ආ..
නිරිඳෙකු අත්හල.. කුස මුසපත් කල
සෝබමාන අඟනක්.. ආ..
සෝබමාන අඟනක්..
ඇය පබවත් බඳු අඟනක්.. ආ..
ආස්මියක රස පබවත් නළලත
කාන්තිමත් ලසඳක්..
කුස පබාවතී පුවතක්... යස ආදර අන්දරයක්
ඉහළ සිරිතට විරිතට ඝණ්ටා ගැටබෙර
නාද නගන දවසක්
පබාවතී මම.. ඇලුම් කළා නොව
මංගල ඇතු මත්තේ..
සවන්පෙ දිගලඹ නුවන් යුගද දිගු
ඇයි අමතක චිත්තේ..
මම ජයම්පතිය ළඳුනේ..
සුරුචම් රුවටද බැඳුණේ...
හුරස් හරස් කරගන්නට එපා සිත
කොකිස් නිසා ළඳුනේ..
කුස පබාවතී පුවතක්... යස ආදර අන්දරයක්
ඉහළ සිරිතට විරිතට ඝණ්ටා ගැටබෙර
නාද නගන දවසක්
සිංහල අවුරුද්දේ..
පුදුමැති අරුමැති හමුවීමක්
කුස පබාවතී ළඟ.. බාල මස්සිනා
ජයම්පතී කුමරුන්..
කුස පබාවතී පුවතක්.. යස ආදර අන්දරයක්
හෙළ සිරිතට විරිතට ඝණ්ටා ගැටබෙර
නාද නගන දවසක්