මීන නුවන් යුග කඳුළු සදාගෙන Lyrics
මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනිවූ යුවතී..
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ..
ගැයු ගී මී බඳුනේ රැඳුණේ..
බාලේ ඉඳන්.. පෙම් සිතුවම් ඇඳි
අද වෙන්වී නුඹ හිම පියසේ..
කාල වලා නැග එන්නා නබෝ ගැබ
කාල වලා නැග එන්නා නබෝ ගැබ
බොඳවී යයි මුදු වදන් මෙදා..
බොඳවී යයි මුදු වදන් මෙදා..
මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනිවූ යුවතී..
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ..
ගැයු ගී මී බඳුනේ රැඳුණේ..
සීත රටේ තනි මලට ලොබින්
ඈත ඉඳන් ආ බඹරින්දූ..
දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද
දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද
මාලවිකා මා බාල ලියේ..
මාලවිකා මා බාල ලියේ..
මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනිවූ යුවතී..
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ..
ගැයු ගී මී බඳුනේ රැඳුණේ..