දූ පුතුනේ රට අපේය

Du Puthune Rata Apeya

shalitha abeywickrama
දූ පුතුනේ රට අපේය Lyrics

දූ පුතුනේ රට අපේය
දූ පුතුනේ අප රටේය
(දූ පුතුනේ රට අපේය
දූ පුතුනේ අප රටේය)

මල්‌ කැන්‌ සුවඳ දෙයි ගල්‌ කණු වල පිපුණුූ..
ලේ දහඩිය නටයි රණ දෙරණේ හැලුණූ..
ජාතිය නඟන රිසියෙන්‌ හද ඔද වැඩුණූ..
එනු ඉදිරියට පුත පැරකුම් දුටු ගැමුණු..

දූ පුතුනේ රට අපේය
දූ පුතුනේ අප රටේය
(දූ පුතුනේ රට අපේය
දූ පුතුනේ අප රටේය)

සමනොල ගිර අග ඉර හඳ සැතපෙන තුරුම..
රට වට මුහුද නිසලව නිදියන තුරුම..
පුලතිසි පිළිමයට යළී පණ එනතුරුම..
මේ සිරිලක්‌ මඬල පුත අපටයි උරුම..

දූ පුතුනේ රට අපේය
දූ පුතුනේ අප රටේය
(දූ පුතුනේ රට අපේය
දූ පුතුනේ අප රටේය)

දූ පුතුනේ රට අපේය
දූ පුතුනේ අප රටේය
(දූ පුතුනේ රට අපේය
දූ පුතුනේ අප රටේය)

දූ පුතුනේ රට අපේය
දූ පුතුනේ අප රටේය
(දූ පුතුනේ රට අපේය
දූ පුතුනේ අප රටේය)

Video thumbnail