ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ Lyrics
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
මා ඉගිල එන්නම්
ළඟින් තුරුලු වෙන්නම්..
ඔබේ උණුසුමේ රාත්‍රියේ..
ඔබේ උණුසුමේ රාත්‍රියේ..
නන්නාදුනන මේ..
රන් තාරකාවෙන්
වලා යහන රන්වන් වෙලා..
ඔබේ නුහුරු ගීයෙන්
සදා සොඳුරු බැල්මෙන්
රැයේ පීදිලා යෞවනේ..
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
මා ගිල එන්නම්
ළඟින් තුරුලු වෙන්නම්
ඔබේ උණුසුමේ රාත්‍රියේ..
ඔබේ උණුසුමේ රාත්‍රියේ..
මංමුලා කතරෙේ..
කෙම්බිමත් වූ මේ
දිලී නිලන තුරුවැල් අරා..
නිදා නොඉද ඉන්නම්
ලියා තබා යන්නම්
ඔබේ ජීවිතේ මා නමින්..
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
මා ඉගිල එන්නම්
ළඟින් තුරුලු වෙන්නම්
ඔබේ උණුසුමේ රාත්‍රියේ..
ඔබේ උණුසුමේ රාත්‍රියේ...