සඳ රේණු ඇති රෑක Lyrics
සඳ රේණු ඇති රෑක
ඔය දෑස සිපගන්න
ආවා.. මං ආවා..
මගෙ ලෝකේ ඔබ නේද
ඔබ මාගේ පණ නේද
කීවා.. ඔබ කීවා..
සුසුමක්ව ළඟ ඉන්න
නෙතු ගාව ඉපිලෙන්න
හැමදාම මගේ ලෝකයේ..
හුරතල් වී මා ළඟම
තුරුලේම පවසන්න
මං ඔබට හරි ආදරෙයි..
සඳ රේණු ඇති රෑක
ඔය දෑස සිපගන්න
ආවා.. මං ආවා..
මගෙ ලෝකේ ඔබ නේද
ඔබ මාගේ පණ නේද
කීවා.. ඔබ කීවා..
කවි සිංදු මුමුණන්න
දුක් ගින්න මට දෙන්න
සැනසෙන්න මිහිරාවියේ..
ඔය උකුලේ මියැදෙන්න
කවදාක හැකිවේද
මා පැතුම එයමයි ප්‍රියේ..
සඳ රේණු ඇති රෑක
ඔය දෑස සිපගන්න
ආවා.. මං ආවා..
මගෙ ලෝකේ ඔබ නේද
ඔබ මාගේ පණ නේද
කීවා.. ඔබ කීවා..