මේ ඇස්‌ දිහා බලන්‌

Me As Diha Balan

shihan mihiranga
මේ ඇස්‌ දිහා බලන්‌ Lyrics

මේ ඇස්‌ දිහා බලන්‌
දැන්වත්‌ කියන්න මගෙ රත්තරන්‌
ඔබ මගේද.. මා ඔබේද.. අපි අපේද කියලා..
දැන්වත්‌ කියන්න මගෙ රත්තරන්‌..

පැහැදුල්‌ නුවන්‌ දල්වා
මා දෙසට පා.. කරලා
හද ගැස්ම මග නවතා..
දෙහදක්‌ ගොළුව උන්නා..

ඔබෙ සෙනෙහේ... මග රැඳුණේ
ඇයි සංසාරයේ...
මේ භවයේ.. මා වෙනුවෙන්‌.. ඔබ මැව්වේ...
දැන්වත්‌ කියන්න මගෙ රත්තරන්‌

මේ ඇස්‌ දිහා බලන්‌
දැන්වත්‌ කියන්න මගෙ රත්තරන්‌
ඔබ මගේද.. මා ඔබේද.. අපි අපේද කියලා..
දැන්වත්‌ කියන්න මගෙ රත්තරන්‌..

කඳුළැල්‌ නෙතින්‌ පලවා
පැතුමන්‌ සිතේ.. තනි බින්දා
සිල්‌ ගත්තු සිත සඟවා..
ඔබෙ දෑත වෙත අත පෑවා

ඔබෙ සෙනෙහේ... මග රැඳුණේ
ඇයි සංසාරයේ...
මේ භවයේ.. මා වෙනුවෙන්‌.. ඔබ මැව්වේ...
දැන්වත්‌ කියන්න මගෙ රත්තරන්‌

මේ ඇස්‌ දිහා බලන්‌
දැන්වත්‌ කියන්න මගෙ රත්තරන්‌
ඔබ මගේද.. මා ඔබේද.. අපි අපේද කියලා..
දැන්වත්‌ කියන්න මගෙ රත්තරන්‌..

Video thumbnail