ඈත අහසේ නැගෙයි දිනිඳු පායා Lyrics
ඈත අහසේ නැගෙයි දිනිඳු පායා..
ඈත අහසේ නැගෙයි දිනිඳු පායා..
සීත සුළඟින් ගෙනාවේ ආදරේ..
ආදරේ.. ආදරේ සිහින ඡායා..
ඈත අහසේ නැගෙයි දිනිඳු පායා..
තරුණ ගොයමින් ගමේ වෙල් සිනාවේ..
කවුරු සනසන්.. නදෝ මේ වෙලාවේ..
පුරුදු ගතියයි.. කැළෑ මල් ගෙනාවේ..
ලොවම සුවඳින්.. පිරේ වාසනාවේ..
කවුද මට මේ.. සුවය දුන්නේ..
කවුද මට මේ.. සුවය දුන්නේ..
හැංගී හැංගී පෙනේ රූප ඡායා..
ඈත අහසේ නැගෙයි දිනිඳු පායා..
ගොපලු දරුවන් වැයූ බටනලාවේ..
මිහිර කවුදෝ.. අනේ මේ ගෙනාවේ..
අඳුරු යුගයක්.. ගෙවූ වේදනාවේ..
සුවය ලැබුවා.. ඔබේ මල් හිනාවේ..
කඳුළු ගංගා.. සිඳී යන්නා..
කඳුළු ගංගා.. සිඳී යන්නා..
කවුද ඇන්දේ හදේ රූප ඡායා..
ඈත අහසේ නැගෙයි දිනිඳු පායා..
ඈත අහසේ නැගෙයි දිනිඳු පායා...
ඈත අහසේ නැගෙයි දිනිඳු පායා..