ගයා ගීතයන් ගමේ.. වෙල් එළියේ..
දුව පැන ඇවිදලා සෙල්ලම් කළේ
ඈ සමගින් එදා.. ඒ මා තමා..
අද නැතුවා වගෙයි ඈ මේ ගමේ
ගයා ගීතයන් ගමේ.. වෙල් එළියේ..
දුව පැන ඇවිදලා සෙල්ලම් කළේ
ඔහුසමගින් එදා.. ඒ මා තමා..
අද නැතුවා වගෙයි ඔහුමේ ගමේ
ගයා ගීතයන් ගමේ.. වෙල් එළියේ..
ගුරුතුම දවසක්.. මා හට තැලුවා
දැක මට මතකයි ඈ හැඬුවා..
මා අසනීපෙන්.. සිටි එම දවසේ
ඇඳ ළඟ ඈ මුළු රෑ හිටියා
අපි දෙදෙනයි එකට පාසැල් ගියේ
ගස් හෙවණේ ඉඳන්.. පාඩම් කළේ
ඈ සමගින් එදා.. ඒ මා තමා..
අද නැතුවා වගෙයි ඈ මේ ගමේ
ගයා ගීතයන් ගමේ.. වෙල් එළියේ..
නාන වෙලේ මා රැල්ලට අසුවී
යනවිට ඔහුවිත් ගොඩ ගත්තේ
මා බොරුවට දවසක් තරහා වී
කෑම නොකයි ඔහු සිට ඇත්තේ..
අපි දෙන්නයි එකට.. එහේ මෙහෙ ගියේ..
උදයේ හවහේ සෙල්ලම් කළේ
ඔහු සමගින් එදා.. ඒ මා තමා..
අද නැතුවා වගෙයි ඔහු මේ ගමේ
ගයා ගීතයන් ගමේ.. වෙල් එළියේ..
දුව පැන ඇවිදලා සෙල්ලම් කළේ
ඔබ සමගින් එදා.. ඒ මා තමා..
පුදුමයි යළි මේ හමුවීම අපේ..
ගැයූ ගීතයන් ගමේ.. වෙල් එළියේ..