මගේ පුතුට මල් යහන සදන්නේ.

mage puthuta mal yahana sadanne

sisira senaratne
මගේ පුතුට මල් යහන සදන්නේ. Lyrics

මගේ පුතුට මල්.. යහන සදන්නේ..
දෑස සිහින වැල් පාවී එන්නේ
රෝස කැලේකින්.. හමුවූ වැන්නේ..
මට මේ කුමරුන්..කවුදෝ දුන්නේ..
මගේ පුතුට මල්..

පුංචි පුතුනි ඇයි.. කිරට අඬන්නේ..
කවුද පුතුට ලේ.. කිරි කර දෙන්නේ..
පුංචි පුතුනි ඇයි.. කිරට අඬන්නේ..
කවුද පුතුට ලේ.. කිරි කර දෙන්නේ..

අම්මා කියාලයි.. බහ තෝරන්නේ..
අම්මා කියාලයි.. බහ තෝරන්නේ..
ඒ සුදු අම්මා.. කොහේදෝ ඉන්නේ..
මාගේ පුතුට මල්..

මවගේ ළමැද ලේ.. කිරට පෙරෙන්නේ..
ඒ කිරි සුවඳයි.. ලොව පවතින්නේ..
මවගේ ළමැද ලේ.. කිරට පෙරෙන්නේ..
ඒ කිරි සුවඳයි.. ලොව පවතින්නේ..

පුතුගේ සිනාවෙන්.. සතුට සැදෙන්නේ..
පුතුගේ සිනාවෙන්.. සතුට සැදෙන්නේ..
මල් යහනාවේ.. පුතු නැළවෙන්නේ..
මට මේ කුමරුන්.. කවුදෝ දුන්නේ..
කවුදෝ දුන්නේ.. කවුදෝ දුන්නේ..

Video thumbnail