නීල ජලාසේ රඟනා හංස කුමාරී..
නීල ජලාසේ රඟනා හංස කුමාරී..
ආසාවේ සීන මවාවී.. ආසාවේ සීන මවාවී..
මුදු බඳ සල සලා.. එන මදහස හෙළා..
මුදු බඳ සල සලා.. එන මදහස හෙළා..
සීගිරි ලේනේ හිදෝ.. අජන්තාවේ විමානෙදෝ
ඔබ මා පතා උපන්නේ..
ආලක පුරේ හිදෝ.. අනෝතත්ත විලේ හිදෝ
ඔබ මා පතා උපන්නේ..
මගේ හිත සැකෙන් මිදේවා.. නිසි පිළිතුරක් ලැබේවා..
නිසි පිළිතුරක් ලැබේවා..
නීල ජලාසේ රඟනා හංස කුමාරී..
නීල ජලාසේ රඟනා හංස කුමාරී..
ආසාවේ සීන මවාවී.. ආසාවේ සීන මවාවී..
මයිකල් ආන්ජලෝ.. අතවූ තෙලි තුඩෙහිදෝ
ඔබ මා පතා උපන්නේ..
තාගෝර් කවේ හිදෝ.. ගුත්තිල වෙණ තතේ හිදෝ
ඔබ මා පතා උපන්නේ..
මගේ හිත සැකෙන් මිදේවා.. නිසි පිළිතුරක් ලැබේවා..
නිසි පිළිතුරක් ලැබේවා..
නීල ජලාසේ රඟනා හංස කුමාරී..
නීල ජලාසේ රඟනා හංස කුමාරී..
ආසාවේ සීන මවාවී.. ආසාවේ සීන මවාවී..
මුදු බඳ සල සලා.. එන මදහස හෙළා..
මුදු බඳ සල සලා.. එන මදහස හෙළා..
මුදු බඳ සල සලා.. එන මදහස හෙළා..
මුදු බඳ සල සලා.. එන මදහස හෙළා..