නුහුරු නුපුරුදු.. රහස පිළිබඳ
මිහිර ආදරයයි කියා..
නුහුරු නුපුරුදු.. රහස පිළිබඳ
මිහිර ආදරයයි කියා..
පවුරු බැඳගෙන.. සිතක වැජඹුණු
රසවතී නෑ කොයි ගියා..
රසවතී නෑ කොයි ගියා..
ආදරෙයි මම ආදරෙයි..
ආදරෙයි මම ආදරෙයි.. දම්මි තවමත් ආදරෙයි..
මවා පියකරු සිහින සිතුවම්.. මතු කළා රසබර හැඟුම්
දයවන්තය යොවුන් සිතිවිලි
රස කළා ඔබේ නෙත් කැලුම්.. රස කළා ඔබේ නෙත් කැලුම්..
ආදරෙයි මම ආදරෙයි..
ආදරෙයි මම ආදරෙයි.. සුගත් තවමත් ආදරෙයි..
ආදරෙයි මම ආදරෙයි.. සුගත් තවමත් ආදරෙයි..
අසිරිමත් ලෙස ඇඳුණු දේදුනු.. කළු වලාවෙන් යට වුණා
මිහිරියාවිය.. අනේ දවසක
ඔබේ හදවත ගොළු වුණා.. ඔබේ හදවත ගොළු වුණා..
ආදරෙයි මම ආදරෙයි..
ආදරෙයි මම ආදරෙයි.. දම්මි තවමත් ආදරෙයි..
ආදරය එක අතක ප්‍රේමය.. තව අතක මා මැදි වුණා
සාගරය වැනි වේදනාවක
අහෝ හිතවත තනි වුණා..
අහෝ හිතවත තනි වුණා..
ආදරෙයි මම ආදරෙයි.. සුගත් තවමත් ආදරෙයි..
ආදරෙයි මම ආදරෙයි.. දම්මි තවමත් ආදරෙයි..
ආදරෙයි මම ආදරෙයි..
ආදරෙයි මම ආදරෙයි..