ඕලු නෙළුම් නෙරිය රඟාලා

olu nelum neriya rangala

sisira senaratne
ඕලු නෙළුම් නෙරිය රඟාලා Lyrics

ඕ.. ඔ.. ඔ..
ඕ.. ඔ ඔ.. ඕ.. ඕලු..
නෙරිය සලා.. ආ..
රඟන්නේ..

ඕලු නෙළුම් නෙරිය රඟාලා..
කිකිණි හඬන වල නඟාලා..

ඕලු නෙළුම් නෙරිය රඟාලා..
කිකිණි හඬන වල නඟාලා..
ගඟුල් තොටිල්ලේ.. මල් ඇතිරිල්ලේ
මගේ කුඩා ඔරුව හබල් ගා..

යමු නැළවිල්ලේ.. නැළවිල්ලේ.. නැළවිල්ලේ..
ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ..
ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ..

කිරලා කිරලි කූඩුවේ ලගී..
කුරුළු පන්ති නාද දී නඟී..

කිරලා කිරලි කූඩුවේ ලගී..
කුරුළු පන්ති නාද දී නඟී..
නැඹුරු වී බලා.. කුඩා සුදු වලා
ඔබේ රුවට වශී වෙලානේ..

යමු නැළවිල්ලේ.. නැළවිල්ලේ.. නැළවිල්ලේ..
ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ..
ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ..

කබරගොයා උගේ සුරතලී..
සොයා ඇදේ නඟා දිය සුළී..

කබරගොයා උගේ සුරතලී
සොයා ඇදේ නඟා දිය සුළී..
කොකුන් කිරි වගේ.. නැඟේ වෙලා දිගේ
ඔබත් කොකුන් රැලක හැඩයිනේ..

යමු නැළවිල්ලේ.. නැළවිල්ලේ.. නැළවිල්ලේ..
ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ..
ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ..
ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ..
ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ..
ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ..

Video thumbnail