සීත දියඇලි.. නී..ල ගංගා..
සාර කෙත්වතූ.. මැද ගලා යයි..
ඕලු මානෙල්.. නෙළුම් නැලවෙන
වැව් පොකුණු ගම.. අලංකාරයි..
පිදුරු සෙවිකළ.. පැල්පතේ ඇති
සාමේ නැත මහා මන්දිරේ..
පිදුරු සෙවිකළ.. පැල්පතේ ඇති
සාමේ නැත මහා මන්දිරේ..
ටිකිරි හසරැලි.. බොළඳ සිතුවිලි
මෙහි තිබේ හොඳ ආදරේ..
මෙහි තිබේ හොඳ ආදරේ..
කැලෑ මල්වල සුවඳ බීගෙන
හමන මදනල වාසනාවන්
දුරින් ඉඳ එන.. කුරුළු ගී හඬ
නැති කරයි හද වේදනාවන්
අහිංසක ගැමි ජීවිතේ..
මැනේ පියවර මේ බිමේ..
පිදුරු සෙවිකළ.. පැල්පතේ ඇති
සාමේ නැත මහා මන්දිරේ..
වියෝගිනි මැද දැවෙන ජීවිත
අද වගේ හෙට හමු නොවේවා
සාමදානය.. සැබෑ ආලය
දිනෙන් දින මතුවී පෙනේවා
මේ බිමට නොවෙනස්ව ඉරහඳ
සැමදා රැස් කිරණ දේවා..
පිදුරු සෙවිකළ.. පැල්පතේ ඇති
සාමේ නැත මහා මන්දිරේ..
පිදුරු සෙවිකළ.. පැල්පතේ ඇති
සාමේ නැත මහා මන්දිරේ..
ටිකිරි හසරැලි.. බොළඳ සිතුවිලි
මෙහි තිබේ හොඳ ආදරේ..
මෙහි තිබේ හොඳ ආදරේ..
මෙහි තිබේ හොඳ ආදරේ..
මෙහි තිබේ හොඳ ආදරේ..
මෙහි තිබේ හොඳ ආදරේ..