අසා ඉමු අපි සුමුදු වැල්ලට
සයුර මුමුණන පෙම් කතා..
බලා ඉමු අපි ඈත ක්ෂිතිජයේ
මැවෙන සෙවණැලි පෙම් රටා..
අසා ඉමු අපි සුමුදු වැල්ලට
සයුර මුමුණන පෙම් කතා..
බලා ඉමු අපි ඈත ක්ෂිතිජයේ
මැවෙන සෙවණැලි පෙම් රටා..
නොයා ජීවන මංතලාවේ
ඈත දුරකට පියඹලා..
නොයා ජීවන මංතලාවේ
ඈත දුරකට පියඹලා..
සිනාසෙමු අපි සයුරු වෙරළේ
අහස සඳ ඉස් ළංවෙලා..
සිනාසෙමු අපි සයුරු වෙරළේ
අහස සඳ සේ ළංවෙලා..
අසා ඉමු අපි සුමුදු වැල්ලට
සයුර මුමුණන පෙම් කතා..
බලා ඉමු අපි ඈත ක්ෂිතිජයේ
මැවෙන සෙවණැලි පෙම් රටා..
පතා ආ ලෙස ඈත භවයේ
මෙමන් තලයේ හමුවෙලා..
පතා ආ ලෙස ඈත භවයේ
මෙමන් තලයේ හමුවෙලා..
රහස් මුමුණමු අපේ ලෝකේ
පෙම්වතුන් සේ එක්වෙලා..
රහස් මුමුණමු අපේ ලෝකේ
පෙම්වතුන් සේ එක්වෙලා..
අසා ඉමු අපි සුමුදු වැල්ලට
සයුර මුමුණන පෙම් කතා..
බලා ඉමු අපි ඈත ක්ෂිතිජයේ
මැවෙන සෙවණැලි පෙම් රටා..
අසා ඉමු අපි සුමුදු වැල්ලට
සයුර මුමුණන පෙම් කතා..
බලා ඉමු අපි ඈත ක්ෂිතිජයේ
මැවෙන සෙවණැලි පෙම් රටා..