රිදවන් එපා මේ තරම්..ඔබ ආදරේ මට නම්.. Lyrics
රිදවන් එපා මේ තරම්..
ඔබ ආදරේ මට නම්..
හඬවන් එපා මේ තරම්..
ඔබෙ ජීවිතේ මා නම්..
රිදවන් එපා මේ තරම්..
දොඩනා වදනේ.. හෙලනා බැල්මේ
වෙනසක් ලකුණු වෙලා..
අහිතක් සිතුවේ වරදක් කීවේ
නෑ මා කිසි දවසේ.. ළඳුනේ..
රිදවන් එපා මේ තරම්..
ඔබ ආදරේ මට නම්..
හඬවන් එපා මේ තරම්..
ඔබෙ ජීවිතේ මා නම්..
රිදවන් එපා මේ තරම්..
කිසිදා නොපතම් අන් කෙනෙකුන්ගේ
හදවත රැඳි සෙනෙනේ..
සසරේ සරණා.. මතු හැම භවයේ
ඔබමය පිළිසරනේ.. ළඳුනේ..
රිදවන් එපා මේ තරම්..
ඔබ ආදරේ මට නම්..
හඬවන් එපා මේ තරම්..
ඔබෙ ජීවිතේ මා නම්..
රිදවන් එපා මේ තරම්..