පියමන්‌ කෙරුවෙමු මහ වෙල්‌ මැද්දෙන්‌

Piyaman Keruwemu Maha Wel Madden

somathilaka jayamaha
පියමන්‌ කෙරුවෙමු මහ වෙල්‌ මැද්දෙන්‌ Lyrics

පියමන්‌ කෙරුවෙමු මහ වෙල්‌ මැද්දෙන්‌
පෙම්‌ බස්‌ දෙඩුවෙමු උයන්‌ කොනෙක හිඳ
ශිල්ප උගත්තෙමු.. නැණ ලැබ ගත්තෙමු
දෙපා වාරු  නැත ඔබ හැර යන්නට
දෙපා වාරු  නැත ඔබ හැර යන්නට

නිල්‌ තණ පලසෙහි ගැටුණ දෙපාවයි
කෝල හැඟුම්‌ කෙළි කවට සිනාවයි

නිල්‌ තණ පලසෙහි ගැටුණ දෙපාවයි
කෝල හැඟුම්‌ කෙළි කවට සිනාවයි
මල්‌ නැටුමයි කළගෙඩි නැටුමයි
මගේ දෑස තුළ යළිත්‌ ඇඳේවිද
මගේ දෑස තුළ යළිත්‌ ඇඳේවිද

පියමන්‌ කෙරුවෙමු මහ වෙල්‌ මැද්දෙන්‌
පෙම්‌ බස්‌ දෙඩුවෙමු උයන්‌ කොනෙක හිඳ
ශිල්ප උගත්තෙමු.. නැණ ලැබ ගත්තෙමු
දෙපා වාරු නැත ඔබ හැර යන්නට
දෙපා වාරු නැත ඔබ හැර යන්නට

නෙත කඳුළින්‌ හසකැනින්‌ මුවා කල
සොඳුරු  පැතුම්‌ පුරවා  මනමත්‌ කල

නෙත කඳුළින්‌ හසකැනින්‌ මුවා කල
සොඳුරු  පැතුම්‌ පුරවා  මනමත්‌ කල
මගෙ කෙළිලොල්‌ විය ගෙවුණු වගයි
මා හැදු පාසල්‌ මවුනි දයාදර
මා හැදු පාසල්‌ මවුනි දයාදර

පියමන්‌ කෙරුවෙමු මහ වෙල්‌ මැද්දෙන්‌
පෙම්‌ බස්‌ දෙඩුවෙමු උයන්‌ කොනෙක හිඳ
ශිල්ප උගත්තෙමු.. නැණ ලැබ ගත්තෙමු
දෙපා වාරු  නැත ඔබ හැර යන්නට
දෙපා වාරු  නැත ඔබ හැර යන්නට

Video thumbnail