සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා Lyrics
සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා
ගැලු කඳුළ ගංගාවේ ඇය දැන් කිඳීලා
ඔබේ වරය දෙනු මැනවි තව දුක නොදීලා
හැදූ මවුනි පියතුමනි කරුණාව පාලා
මට මේක දඟ ගෙයකි දෙන වේදනාවන්
සතුටයි දුකයි කඳුළ එක සේ දරා මං
සැනසී සිටින්නෙම්ද ඇගෙ දුක බලා දැන්
සුවසෙත පතා දෙන්න ආසිරි දයාවෙන්
සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා
ගැලු කඳුළ ගංගාවේ ඇය දැන් කිඳීලා
ඔබේ වරය දෙනු මැනවි තව දුක නොදීලා
හැදූ මවුනි පියතුමනි කරුණාව පාලා
රජ දහන වැලි කතර වුව උරුම වේ නම්
මට ඈගෙ පිළිසරණ මතු වාසනාවන්
මගෙ ජීවනේ ගීයේ ඇගෙ හඬ නාවේ නම්
හද වෙණෙහි සත්සර සදා ගොළු උනාදෙන්
සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා
ගැලු කඳුළ ගංගාවේ ඇය දැන් කිඳීලා
ඔබේ වරය දෙනු මැනවි තව දුක නොදීලා
හැදූ මවුනි පියතුමනි කරුණාව පාලා