ගුවන් තොටිල්ලේ.. සඳ සැතපෙනවා.. Lyrics
ගුවන් තොටිල්ලේ.. සඳ සැතපෙනවා..
මගේ තුරුල්ලේ.. දුව නැළවෙනවා..
සුළං හමාලා.. ගෙයි තෙරපෙන්නේ..
ඔබේ පියාගේ.. සුවඳයි එන්නේ..
ගුවන් තොටිල්ලේ.. සඳ සැතපෙනවා..
මගේ තුරුල්ලේ.. දුව නැළවෙනවා..
දරු දුක මට මෙන්.. හිතට දැනේවා..
පොඩි දුව හීනෙන්.. ඔහුට පෙනේවා..
හෙට හිමිදිරියේ.. අප වෙත ඒවා..
ගුවන් තොටිල්ලේ.. සඳ සැතපෙනවා..
මගේ තුරුල්ලේ.. දුව නැළවෙනවා..
යන එන තැන්හී.. සෙත සැලසේවා..
සතර වරම් දෙවී.. පිහිට ලැබේවා..
දැඩි හිත ඔහුගේ.. යළි උණු වේවා..
ගුවන් තොටිල්ලේ.. සඳ සැතපෙනවා..
මගේ තුරුල්ලේ.. දුව නැළවෙනවා..
සුළං හමාලා.. ගෙයි තෙරපෙන්නේ..
ඔබේ පියාගේ.. සුවඳයි එන්නේ..
ගුවන් තොටිල්ලේ.. සඳ සැතපෙනවා..
මගේ තුරුල්ලේ.. දුව නැළවෙනවා..
හා..ආ අ ආ අ ආ