ජීවන විල මැද.. වැජඹෙන කැකුලකි
රූබර වූ යුවතී..
ජීවන විල මැද.. වැජඹෙන කැකුලකි
රූබර වූ යුවතී..
තී මට.. තී මට.. කියමින් බිඟු පෙළ
ඇය අවටම රඟනතී..
ජීවන විල මැද.. වැජඹෙන කැකුලකි
රූබර වූ යුවතී..
ළහිරු රැසින්.. පිබිදෙන පියුමින්
රොන් බී මත්වුණ බඹරා..
මියුරු හඬින්.. කී ගී නවතා යයි
පියුමේ හද අඹරා..
නෑ එන පාටක්.. නෑ එන පාටක්
ළතැවෙයි පියුම අනේ..
ආ මට කෑමක්.. ආ මට කෑමක්
තවකෙක් බඳිති සෙනේ..
ජීවන විල මැද.. වැජඹෙන කැකුලකි
රූබර වූ යුවතී..
අවරට යන හිරු.. සවසට බැස යයි
ගුම් නද දැන් නොඇසේ..
රසයට රැවටුණු.. නෙළුමද හැකිලෙයි
පුන්සඳ දැක අහසේ..
ඒකයි දෛවය.. නෙළුමේ ඒකද
යුවතියගෙත් දෛවේ..
දාකයි දෙකකයි.. පමණයි විසිතුර
එය ජීවන මහිමේ..
ජීවන විල මැද.. වැජඹෙන කැකුලකි
රූබර වූ යුවතී..
තී මට.. තී මට.. කියමින් බිඟු පෙළ
ඇය අවටම රඟකී..
ජීවන විල මැද.. වැජඹෙන කැකුලකි
රූබර වූ යුවතී..