විල මැද ඕලු නෙළුම්‌

Vila Mada Olu Nelum

sujatha aththanayaka
විල මැද ඕලු නෙළුම්‌ Lyrics

විල මැද ඕලු නෙළුම්‌
පාට රුවින්‌ රඟන රැඟුම්‌
පිපි මල්‌ පාන රැඟුම්‌
පිපුණා සේ මහදේ.. ප්‍රේම හැඟුම්‌
ඕ.. ඕ.. ප්‍රේම හැඟුම්‌

මේ වාගේ මියුරු උවම්‌
ගෙනාවේද කුමන පොතින්‌
පොතකින්‌ කව්‌ පෙළකින්‌
කලිනුත්‌ අසා නියේ.. ඔවැනි කියුම්‌
ඕ.. ඕ.. ඔවැනි කියුම්‌

නිලුපුල්‌ නීල නුවන්‌ පුරහඳ වන්‌ මුහුණ ඔබේ..

කිවිඳුන්‌ ඔය උපමා පුරාණයේ ලියා තිබේ..

මොණරුන්‌ පිල්‌ කළඹේ රුව සැරසූ මුහුල ඔබේ..
තිසරුන්‌ උකුළු විලේ.. රඟන රඟේ.. ලලිත ලතා..
සිහිනිඟ කොමල ලතා..

පාසල්‌ පොතක තියේ ඔහොම කතා
ඕවා.. පුරුදු කතා..

විල මැද ඕලු නෙළුම්
පාට රැවින්‌ රඟන රැඟුම්‌
පිපි මල්‌ පාන රැඟුම්‌
පිපුණා සේ මහදේ.. ප්‍රේම හැඟුම්‌
ඕ.. ඕ.. ප්‍රේම හැඟුම්‌

සඟවා කියන කතා තාම නොතේරේ නොහැඟේ

කිව්වේ කිවිඳු බසින්‌ ඔබට නොකී ආදරයයි

කිව්වේ කිවිඳු බසින්‌ ඔබට නොකී ආදරයයි

ඇයි මේ නාරි වැනුම්‌ මටද කියා සැක හිතුනා
හිතෙහී පටලැවුණා
රොනවුල්‌ මුව කමලේ හිත බැඳුණා
ඕ.. ඕ.. හිත බැඳුණා

මේ වාගේ මියුරු උවම්‌
ගෙනාවේද කුමන පොතින්‌
පොතකින්‌ කව්‌ පෙළකින්‌
කලිනුත්‌ අසා තියේ.. ඔවැනි කියුම්‌
ඕ.. ඕ.. ඔවැනි කියුම්‌

නිලුපුල්‌ නීල නුවන්‌ පුරහඳ වන්‌ මුහුණ ඔබේ..

කිවිඳුන්‌ ඔය උපමා පුරාණයේ ලියා තිබේ..

මොණරුන්‌ පිල්‌ කළඹේ රුව සැරසු මුහුල ඔබේ..

කිවිඳුන්‌ ඔය උපමා පුරාණයේ ලියා නිබේ..

තිසරුන්‌ උකුළු විලේ.. රඟන රඟේ.. ලලිත ලතා..
සිහිනිඟ කොමල ලනා..

පාසල්‌ පොතක තියේ ඔහොම කතා
ඕවා.. පුරුදු කතා..

විල මැද ඕලු නෙළුම්
පාට රුවි න්‌ රඟන රැඟුම්‌
පිපි මල්‌ පාන රැඟුම්‌
පිපුණා සේ මහදේ.. ප්‍රේම හැඟුම්‌
ඕ.. ඕ.. ප්‍රේම හැඟුම්‌...

Video thumbnail